උත්සව සමයේ කේක් නිෂ්පාදනය අර්බුදයක

කේක්

වෙළඳපොළ තුළ මතුව ඇති උග්‍ර බිත්තර හිඟයත් සමඟ මෙවර උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට බේකරි හිමියන්ට නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උත්සව සමයේ ප්‍රධානතම බේකරි නිෂ්පාදනය වූ කේක් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන බිත්තර මේ වනවිට තොග ලෙස හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ අතර, බිත්තර මිල ඉහළ යෑමට හේතු වී ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරදි ගණනය කිරීම් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *