ඉන්දියාවේ ගුවන් තොටුපලවල අහඹු කොරෝනා පරීක්ෂණ

ඉන්දියාවේ පැතිර යන නව කොරෝනා උප ප්‍රභේදයක් අවදානම හේතුවෙන් ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට යොමු කිරිමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවෙන් සියයට දෙකක අහඹු පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
චීනයෙන් මේ දිනවල සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමති ඔමික්‍රොන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් ද වාර්තා වී තිබුණා.
ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බ්‍රිතාන්‍යයෙන් ද මීට පෙර වාර්තා වී තිබූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.