අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ ගමනාගමනයට බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමන කටයුතු සිදුකිරීමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද (23) උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.
ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන කුරුදුගහ හැතැප්ම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත බද්දේගම අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
මෙම අනතුරෙන් 11 දෙනෙකු තුවාල ලබා තිබුණා.