මහ කන්නය සඳහා ගොවියන්ට රුපියල් 20,000ක දීමනාවක්

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා සියලු ම ගොවීන්ට දීමනාවක් ලබා දීමට රජය විසින් තීරණයක් ගෙන ඇතැ යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව එම දීමනාව රුපියල් 20,000ක උපරිමයකට යටත් වූ දීමනාවක් ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව යි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට තවමත් බණ්ඩි පොහොර නො ලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.
පසු ගිය වසරේ හා ඉන් පසු ව පැවති පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනය බරපතළ අර්බුදයටකට මුහුණ පෑ අතර, නැවතත් මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබා දීම හරහා වී ගොවිතැනට සුබ තත්ත්වයක් උදා වනු ඇති බවට යි කෘෂිකාර්මික හා ආර්ථික විචාරකයන් පුරෝකථනය කරන්නේ.