මෙරට පාසල් සිසුන්ට චීනයෙන් බිලියන 5ක නිල ඇඳුම් රෙදි

මෙරට පාසල් සිසුන් වෙත ලබා දීම සඳහා චීනය විසින් නිල ඇදුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව චීන තානාපති කාර්යාලය පවසනවා.
එහි වටිනාකම රුපියල් බිලියන 5ක්.
එය මෙරට වාර්ෂික නිල ඇදුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක් වන බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
අදාළ නිල ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස ලබන වසරේ ජනවාරි මස 6 වැනිදා කොළඹ වරාය වෙත ලඟා වීමට නියමිතයි.
එමෙන්ම බහාලුම් 20ක අදාළ රෙදි තොගය අසුරා මෙරටට එවීමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.