ඇහැටුවැව විභාග සිද්ධියට නිලධාරීන් පිරිසක් පිටත් කෙරේ

ශිෂත්ව විභාගය

2022 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂත්ව විභාගය ඊයේ (18) පැවැත්වුණා.

විභාග මධ්‍යස්ථාන 2,894 ක දී පැවති මෙම විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 34,698ක්.

මේ අතර ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍යත්ව මධ්‍යස්ථානයේ විභාගය සඳහා පෙනීසිටි සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවූ බවට දෙමාපියන් පිරිසක් චෝදනා කළා.

එහිදී දෙමාපියන් කියා සිටියේ අදාළ පාසලේ ගුරුවරියක් ප්‍රශ්න පත්‍රය බෙදාහැරීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් තම දරුවන් අසාධාරණයට ලක්වූ බවයි.

සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් අද (19) පිටත්කර යවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *