වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක්

දළදා

වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඊට අදාළ විශේෂ ලිපිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට සහ දළදා මාළිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල වෙත පසුගියදා භාරදුන් බව ඔහු පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරිමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *