බිත්තර මිල ස්ථාවර කරන්නැයි ඉල්ලීමක්

ස්ථාවර මිලක් යටතේ බිත්තර නිෂ්පාදකයින් බිත්තර ලබා දෙන්නේ නම් රුපියල් 53ක මිලට වෙළඳසැල් වෙත බිත්තර අලෙවියට ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ මේ වන විට නිෂ්පාදකයින් විවිධ මිල ගණන් යටතේ වෙළඳුන්ට බිත්තර ලබා දෙන බවයි.
නිෂ්පාදන පිරිවැය සහ ලාභය තබාගෙන නිෂ්පාදකයින්ට සුදු බිත්තරයක් රුපියල් 49කට සහ රතු බිත්තරයක් රුපියල් 50කට වෙළඳුන්ට ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගන්නේ නම් පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැළසෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පෙන්වා දෙන්නේ.
උත්සව සමය හේතුවෙන් මේ වනවිට බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිය ද මේ වනවිට වෙළඳපොලේ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති අතර පවතින බිත්තර ද අලෙවි වන්නේ රුපියල් 60ත් 70ත් අතර මිලකටයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් බිත්තර සඳහා රුපියල් 43ත් 45ත් අතර උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා.
කෙසේ වෙතත් පසුගිය සතියේ අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයත් සමඟ එම සිල්ලර මිල සඳහන් ගැසට්ටුව අත්හිටවනු ලැබුවා.
මේ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවති බලතල ද අහිමි වුණා.