පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු අද (19) සිට යළි සේවයට

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අදින් අවසන්ව තිබෙනවා.

ඒ අනුව අද (19) සිට සාමාන්‍ය පරිදි ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පැවසුවේ.

විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමට විරෝධය පළ කරමින් පසුගිය 14 වැනිදා සිට 18 වැනිදා දක්වා ආචාර්යවරු විභාග රාජකාරි ඇතුලු සියලුම රාජකාරි කටයුතුවලින් ඉවත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *