ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සටන අද

FIFA 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය අද (18) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ ලෝක ශූරයින් දෙපිළක් වන ප්‍රංශය සහ ආජින්ටිනාව අතරයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට අවසාන මහා තරගය ආරම්භ වීමට නියමිතයි.

ප්‍රබල ප්‍රංශ කණ්ඩායමේ නායකත්ව වගකීම Kylian Mbappé ට හිමිව ඇති අතර, ලියොනල් මෙසී ආජින්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

අද තරගය පැවැත්වෙන්නේ කටාර් ‍රාජ්‍යයේ Lusail Stadium පිටියේදියි.

ප්‍රංශය සහ ආජින්ටිනාව මීට පෙර ලෝක කුසලාන පාපන්දු ශූරයින් බවට දෙවතාවක් පත්ව තිබෙනවා.

ඒ වර්ෂ 1930 සිට 2018 දක්වා කාල වකවානු තුළ පැවැත්වූ ෆිෆා තරගවලදියි.

මේ අතර, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානයට පත්වීමට ක්‍රොඒෂියාව සමත් වුණා.

ඒ, කටාර් රාජ්‍යයේ කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරඟයේදී මොරොක්කෝ කණ්ඩායම ගෝල 2 ට එකක් ලෙස පරාජයට පත් කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *