ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව පත් කෙරේ – භානුක හා වනිඳු පාකිස්තාන සුපර් ලීගයට

ක්‍රිකට්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන සුනිල් සිරිසේන ඊට ඇතුළත්.

ඊයේ (15) ක්‍රිකට් ආයතනයේ මහ සභා රැස්වීමකදී මෙම කමිටුව පත් කර ඇති අතර, ක්‍රිකට් ආයතන නිලවරණය ලබන වසරේ මැයි 20 වනදා පැවැත්වෙනවා.

මේ අතර, පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ කණ්ඩායම් දෙකක් විසින් මිලට ගෙන තිබෙනවා.

ඒ අනුව ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වනිඳු හසරංග මිල දී ගෙන ඇති අතර, භානුක රාජපක්ෂ මිල දී ගෙන ඇත්තේ, පෙෂාවර් සල්මි කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *