මේ වසරේ නව මෝටර් රථ ලියාපදිංචියේ අඩුවීමක්

නව මෝටර් රථ ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව 36.3%කින් පහත වැටී තිබෙනවා.
2021 වසරේ ජනවාරි මස සිට ඔක්තෝම්බර් මස දක්වා වාහන 28,434ක් ලියාපදිංචි කර තිබූ අතර, මේ වසරේ එම කාලය තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 18,100ක්.
කෙසේ වෙතත් මෙම වසරේ බස් රථ ලියාපදිංචිය 2021ට සාපේක්ෂව 16.3%කින් වැඩි වී තිබෙනවා.
2021 වසරේ බස් රථ 246ක් ලියාපදිංචි කර ඇති අතර, එය මේ වසරේ 40කින් වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනවාරි මස සිට ඔක්තෝම්බර් මාසය දක්වා ත්‍රිරෝද රථ 34ක් ලියාපදිංචි වී ඇති අතර, එම කාලය තුළ වැඩි වශයෙන් ලියාපදිංචි කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන මෝටර් රථයි.
එලෙස ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන මෝටර් රථ සංඛ්‍යාව 7,779ක්.
මේ අතර මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධාන කරන මෝටර් වාහන සහ රියදුරු බලපත්‍ර සම්බන්ධ ජංගම සේවයක් මාතලේ දී හෙට (17) පැවැත්වෙනවා.
එම ජංගම සේවය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී හෙට (17) දිනය පුරා පැවැත්වෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එහිදී ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම, පැවරුම් අයදුම්පත් භාරගැනීම ඇතුලු කාර්යයන් රැසක් සිදු කෙරෙනු ඇති.