සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් සහ වර්ග කිහිපයක සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කර ඇති මෙම ගැසට් නිවේදනය දැක්වෙන්නේ ආනයන, අපනයන පාලක දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ යි.
ඒ යටතේ අර්ධ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල් , කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේ දී මෙම සීමා කිරීම සිදු වනවා.
මේ අතර, උත්සවය සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය මගින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 389ක් පැවති රතු පරිප්පු කිලෝග්‍රැමයක් රුපියල් 385 දක්වාත්, රුපියල් 199 ක් පැවති ලොකුළුණු කිලෝග්‍රැමයක් රුපියල් 190 දක්වාත්, පහත දමා ඇති අතර, දේශීය ග්‍රෑම් 425 ක ටින් මාළු රුපියල් 490කට අද (14) සිට මිලට ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.
එසේම, රුපියල් 265 ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15කින් පහත දමා තිබෙනවා.
රුපියල් 495 ක්ව පැවති සුදුළුෑණු කිලෝවක් රුපියල් 460කට මිල දී ගත හැකි බවයි සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.