සතොස භාණ්ඩ 5ක මිල පහත දමයි

උත්සවය සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය මගින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 389ක් පැවති රතු පරිප්පු කිලෝග්‍රැමයක් රුපියල් 385 දක්වාත්, රුපියල් 199ක් පැවති ලොකු ළුණු කිලෝග්‍රැමයක් රුපියල් 190ක් දක්වාත්, පහත දමා ඇති අතර, දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 490කට අද සිට මිලට ගත හැකි බවයි එම ආයතනය පවසන්නේ.
එමෙන්ම, රුපියල් 265ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15කින් පහත දමා තිබෙනවා.
තවද රුපියල් 495ක්ව පැවති සුදු ළුෑණු කිලෝවක් රුපියල් 460කට මිලදී ගත හැකි බවයි සතොස ආයතනය වැඩිදුරටත් පැවසුවේ