ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

නුවන් ගුණවර්ධන

ශ්‍රී ලාංකේය සංගීත කලාව තුළ අපූර්ව සටහන් තැබූ ගායන ශිල්පියෙකු වූ නුවන් ගුණවර්ධන ඊයේ (8) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි යි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73ක්.

සිංහල ගීත කලාවට පා වී ගියාවේ ලඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ, ළා සඳ එළියේ, කිරි මූදු වෙරළේ වැනි ගීත රැසක් තිළිණ කළ ඔහු මෙරට සිනමාවේ වැඩිම පසුබිම් ගීත ගායනා කළ ශිල්පීන් අතර ද ඉදිරියෙන් පසු වනවා.

උත්තර භාරතීය ගීත ශ්‍රී ලාංකේය රසිකයාගේ රසවින්දනය වෙනුවෙන් ඊට සමානම අයුරින් ගායනා කළ සංගීතවේදියෙකු ලෙසද ඔහු හඳුනාගත හැකියි.

ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලතම ගායකයෙකු වූ නුවන් ගුණවර්ධනගේ දේහය මහරගම – නාලන්දාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු ලබන සඳුදා දිනයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *