කොළඹ දූවිලි අංශු අඩු වෙන ලකුණු

පවතින කාලගුණික තත්ත්වය මත අද (09) දිනයේ සියළුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමෙන් අනතුරුවයි.
දිවයින පුරා වායු තත්ත්ව පරීක්ෂණ ස්ථාන 60ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පවසනවා.
ඔහු කියා සිටියේ රජයේ ආයතන සහ විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බවයි.
දශකයකට පමණ පසු මෙරට වායුගෝලයේ වැඩිම දූවිලි අංශු ප්‍රමාණය ඊයේ වාර්තා වූ අතර, මැන්ඩවුස් සුලි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු මෙරටට ගලා ඒම ඊට හේතු වී තිබුණා.
කෙසේ වෙතත් කාලගුණ අංශ ප්‍රකාශ කළේ පවතින දූවිලි අංශු අද සිට අඩුවිය හැකි බවයි.
මේ අතර, දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක්ද වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ රාත්‍රිය වනවිට කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.7ක් ලෙස සටහන් වී ඇති අතර, නුවරඑලියේ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 8.7ක් ලෙසයි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මැන්ඩවුස් සුළි කුණාටුව අද රාත්‍රිය වනවිට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් උතුර පළාතේ ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එසේම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
බස්නාහිර, වයඹ පළාත්වල සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.