ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩාංගණවල මත්පැන් අලෙවිය තහනම්

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඉස්ලාම් ආගම ප්‍රමුඛ වූ කටාරයේ මත්පැන් අලෙවිය දැඩි ලෙස පාලනය කර තිබියදීත්, ක්‍රීඩාංගන තුළ තෝරාගත් ප්‍රදේශවල මත්පැන් සැපයීමට යි මීට පෙර සැලසුම් කර තිබුණේ.
එහෙත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර ෆිෆා සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් පසුව මෙම පියවරට එළඹ තිබෙනවා.
තරඟාවලියේ ක්‍රීඩාංගණවලට අයත් ආයතනික ප්‍රදේශවල සිටින අයට තවමත් මත්පැන් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
ලෝක කුසලානය ආරම්භ වන්නේ ලබන ඉරිදා කටාර් සහ ඉක්වදෝරය සමඟ පැවැත්වෙන තරගයෙන්.
සත්කාරක කටාර් රාජ්‍යයේ බලධාරීන් සහ ෆිෆා අතර පැවති සාකච්ඡාවලින් පසුව, බලපත්‍රලාභී ස්ථානවල මධ්‍යසාර පාන අලෙවිය කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ක්‍රීඩාංගන සහ අවට ප්‍රදේශ සියලුම ක්‍රීඩා ලෝලීන්ට ප්‍රීතිමත්, ගෞරවනීය සහ ප්‍රසන්න අත්දැකීමක් ලබා දෙන බවටයි සත්කාරක රාජ්‍ය බලධාරීන් සහ FIFA සහතික වී ඇත්තේ.