ලබන කන්නයේ සිට ගොවීන්ට පොහොර වෙනුවට මුදල්

ලබන කන්නයේ සිට වෙළඳපලෙන් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට රජයෙන් මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
පොහොර සමාගම්වල ප්‍රධානීන් සමඟ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.