මත්පැන් ප්‍රමිතිය සොයන රසායනාගාරය කඩිනමින්

මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනා ගැනීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමක සංගමයේ 70 වන වාර්ෂික සම්මේලනයට අද (18) එක්වෙමින්.
එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම රසායනාගාරය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රමාදයකින් තොරව මධ්‍යසාරවල ගුණාත්මකභාවය හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ඒවා සමාජ ගත වීම කඩිනමින් වැලැක්විය හැකි බවයි.