පොහොර ගැන පැමිණිලි කරන්න නව දුරකථන අංක 4ක්

දුරකථන

යූරියා පොහොර සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා නව දුරකථන අංක 4ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.

077 349 7565, 071 296 2006, 071 861 4557 සහ 070 666 4550 යන දුරකථන අංකවලට පොහොර සම්බන්ධයෙන් ඇති ගැටලු දැනුම්දෙන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර, ගොවීන්ට බෙදාදීමට රැගෙන ගිය යූරියා පොහොරවල නියමිත බර නොමැතිවීම සම්බන්ධයෙන් විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *