ගිණිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේ

වැසි

ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ලබන 20 සහ 21 දෙදින ශ්‍රී ලංකාවට උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් නැගෙනහිර පළාතේ ස්ථාන රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *