කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය අද ජනතා අයිතියට

කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය

ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 400ක වියදමින් ඉදි වූ කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය අද (31) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් මෙම තෙත්බිම් උද්‍යානය ජනතා අයිතියට පත් කෙරෙනු ඇති.

2018 වසරේ ඔක්තෝම්බර් 25 වන දා ඩුබායි හිදී පැවති 13 වන තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුති සමුළුවේ දී කොළඹ නගරය රැම්සා තෙත්බිම් අඩවියක් ” ලෙස නම් කරනු ලැබුවා.

එමෙන්ම ලෝක නගර දිනය සමරමින් අද සිට නාගරික සංවර්ධන අධිකාරිය සතියේ එක් දිනක් පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව සතියේ සෑම සිකුරාදාවකම සයිකල් සිකුරාදා පාපැදියෙන් වැඩට එමු” වැඩසටහන ක්‍රියාත්මක කර සේවකයන්ට පාපැදියෙන් සේවයට වාර්තා කිරීමට පහසුකම් සලසන බවයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *