ඉන්දියාවේ පාලම කඩා වැටී මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළට

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් 177 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
මියගිය අය අතර කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් සිටිනවා.
ඉන්දීය වාර්තා සඳහන් කළේ 19 දෙනෙකු මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
පාලම කඩා වැටීමත් සමඟ මචු ගඟට වැටුණු තවත් 100 ගණනක් පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.