22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඡන්ද විමසීම අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ අනවශ්‍ය සංශෝධන එක් කිරීමට උත්සාහ කළහොත් ඊට සහය පළ නොකරන බවයි.

එසේ ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සිය පක්ෂය 22 වන සංශෝධනයට සහය ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *