වසර අවසන් වීමට පෙර මෙරටට ණය දෙන රටවල් අතර හමුවක්

මේ වසර අවසන් වීමට පෙර මෙරටට ණය දෙන රටවල් අතර හමුවක් පැවැත්වීමට කටයුතු කරන බව ජපානය ප්‍රකාශ කර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ මූලිකත්වයෙන් අදාළ හමුව පැවැත්වීමට නියමිත බව යි.
ශ්‍රී ලංකා රජය ද මේ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන බව යි එම මාධ්‍ය වාර්තා අනාවරණය කළේ.
මෙම හමුවේ දී ගෙවීමට ඇති ණය ප්‍රමාණය අඩු කර ගැනීම, ඒ සඳහා ලබාදෙන කාලසීමාව ඇතුළු තවත් කරුණු රැසක් සාකච්ඡා කෙරෙනු ඇති.
පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමත්‍යවරයා අතර හමුවක් ද පැවැති අතර එහි දී මෙරට ණය අර්බුදයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා.