තෙල් ඇමතිගෙන් ඛනිජ තෙල් සේවයකයින්ට අනතුරු ඇඟවීමක්

අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි අනුව ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතු වලට බාධා එල්ල කරන වෘත්තීය සමිති හා සේවකයින්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අද (18) විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි ව ඛනිජ තෙල් සේවකයින් ලෙඩ නිවාඩු දමා මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ පිළිබඳ අවධාරණය කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්ශේත්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස මේ වන විට ගැසට් කර ඇති බව යි.
එබැවින් එම කටයුතුවලට බාධා එල්ල කරන වෘත්තීය සමිති සහ සේවකයන්ට එරෙහි ව විනය සහ නීතිමය පියවර ගන්නා බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.