කුසලානය දින ගැනීමට නො හැකි වීම පිළිබඳ නායිකා චමරි කනස්සල්ලෙන්

වසර 14කට පසු ව ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නො හැකි වීම පිළිබඳ තමන් කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.
චමරි අතපත්තු මේ අදහස් පළ කළේ, ඊයේ (16) පස්වරුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ දී.
ආසියානු කුසලාන පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම පසුගිය දා සමත් වුණා.
ශ්‍රී ලංකාවට සිදු වුණේ අනුශූරියන් ලෙස තරගාවලිය නිමා කරන්නට යි.