කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළට

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (15) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, දිවයිනේ සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර කැළණි, කළු ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යාම නිසා ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර කියා සිටියේ අදාළ ගංඟාවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙළ, බියගම, කොළන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම කළු ගගේ ජලමට්ටම් ඉහළ යාම හේතුවෙන් පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි.
මීට අමතරව අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා – ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් වල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කොළඹ, ගාල්ල, කලුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.