දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟයක්

ලබන 20 වැනි දා සිට මුහුදුබඩ මාර්ගයේ කාර්යාල වේලාවන්වල දී ගමන් ගන්නා දුම්රිය කිහිපයක කාල සටහන වෙනස් කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය ගමන් වාර 32ක ධාවන කාලය විනාඩි 10ත් 15ත් අතර කාලයකින් වෙනස් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙරේ දා දිනයේ ද මෙලෙස කාලසටහන වෙනස් කරන බව දුම්රිය ස්ථානවල දී නිවේදනය කර තිබුණත් පසු ව එය අවලංගු කෙරුණා.
ඒ අනුව, අලුයම 3.20 සිට උදෑසන 10.45 දක්වා මුහුදුබඩ මාර්ගයේ, ගමන් ගන්නා කාර්යාල දුම්රිය මෙතෙක් පැවති ආරම්භක වේලාවට වඩා විනාඩි 10ත් 15ත් අතර කාලයකට පෙර ගමන් ආරම්භ කරනු ඇති බව යි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේ.
කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරනවා වෙනුවට දුම්රිය බලධාරීන් ගැටලුවලට වෙනත් විසඳුම් ඉදිරිපත් කරමින් සිටින බව යි.
මේ අතර, දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟය ද වැඩි වෙමින් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළා.