ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනය කෙරේ

ජාතික හැඳුනුම්පත

ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තු ඉහළට

ලබන මස 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව ඉහළ නංවා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊයේ (13) නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ රුපියල් 100ක් ව පැවති නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම සංශෝධනය කර යළි ලබාගන්නා හැඳුනුම්පත් සඳහා රුපියල් 250ක් ව පැවති ගාස්තුව රුපියල් 500ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

අස්ථානගත වීමෙන් පසු යළි හැඳුනුම්පතක් ලබාගැනීමේ දී අය කෙරෙන ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 500කින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *