face book ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක් – ඉදිරි දින කිහිපය ගිණුම පරිහරණය කරන්නේ බලාගෙනයි

මේ මොහොත වන විට ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා.
අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්.
මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක් බවට ද තොරතුරු හුවමාරු වනවා.
කෙසේ වෙතත්, මෙය සිදු කරනු ලැබුවේ, ජනප්‍රිය යැයි සැළකෙන බොහෝ දෙනාගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බොට් ගිණුම් ඉවත් කිරීමට බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නෙ.