75 වන නිදහසට සමගාමීව නිවාස 2000ක්

නිදහස

“එක්ව නැගිටිමු” තේමාව කර ගනිමින් 75 වන නිදහස් සැමරුම් උලෙළ ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධාන කිරීමටත්, පාපැදි සවාරි, පාසල් දරු දැරියන් සහභාගි වන තරඟ, ඵෙතිහාසික සහ දුර්ලභ පොත් ප්‍රදර්ශන පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000 ක් ඉදිකිරීමටද සැලසුම් කර ඇති අතර, පෙබරවාරි 04 සහ 05 දෙදින ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට ද අවස්ථාව සලසා දීමට ද තීරණය කර තිබෙනවා.

මීට අමතරව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මුල් කරගනිමින් සංස්කෘතික සහ ආගමික මෙන්ම සමාජීය වැඩසටහන් ද එදිනට සංවිධාන කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *