හෙට සහ අනිද්දා වාහන ධාවනය සීමාකෙරෙන ආකාරය

ධාවනය සීමා

පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) යන දිනවල එම හරස් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා
.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර පිහිටි අඹේපුස්ස – ත්‍රිකුණාමලය ඒ 06 මාර්ග හරහා වැටී ඇති යාංගල් මෝදර දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු අද දිනයේ සිට ලබන 16 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04. 30 දක්වාත් අනිද්දා දිනයේ පෙරවරු 07.00 සිට පෙරවරු 10.00 දක්වාත්, පස්වරු 02.00 සිට පස්වරු 04.30 දක්වාත් යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් රථ වාහන ධාවනය සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනිද්දා දිනයේ පෙරවරු 10.00 සිට පස්වරු 02.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණ වශයෙන් වාසා තැබීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *