මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනය කල් දමයි

අද (13) සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සිදුකිරීමට තිබූ සංශෝධනය කල් දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් සැලසුම් කර තිබුණේ එම මාර්ගයේ ධාවනය කෙරෙන ඇතැම් දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු 10කට හෝ ඊට අඩු කාලයකට පෙර ධාවනය කරවීමටයි.
කාර් යාල දුම්රිය සඳහා එය බොහෝ දුරට අදාළ වන බව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව මගී ජනතාව දැනුවත් කර තිබුණේ අදාළ දුම්රිය ස්ථාන මගින්. ඊයේ පස්වරුව වනතුරුම දුම්රිය පාලක මැදිරිය හෝ දුම්රිය තොරතුරු අංශ ඒ පිළිබඳව නිසිලෙස දැනුවත් නොවී තිබීමද විශේෂත්වයක්.
මේ අතර අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යහලේගන්මෝදර දුම්රිය හරස් මාර්ගය හෙට සහ අනිද්දා වසා දැමෙනු ඇති.