පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

වැසි

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර,දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර මුත්තූර් – කාමුවේලි ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණුසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වයසැති දෙහිවත්ත, කාංගවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.එමෙන්ම වව්නියාව – ඕමන්ත – අරසමුරිප්පු ප්‍රදේශයේදී ඊයේ අකුණුසැර වැදීමෙන් එළගවයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *