කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12 ක ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 02 ,03 , 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07 , 08 , 09 සහ 10 යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.