ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය හෙට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්තයට එරෙහි ව හෙට (13) මෙල්බන්හි දී පැවැත්වෙනවා.
එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වනු ඇති.
අද නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පුහුණු තරගය ද මෙල්බන් හි දී පැවැත්වෙනවා.