මහ කන්නය සඳහා යූරියා බෙදා හැරීම ඇරඹේ

එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීමට මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙනවා.
ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පෙහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව යි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පොහොර යැවීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම් ඊයේ (11) එම අමාත්‍යාංශයේ දී පැවති අතර එහි අනාවරණය වූයේ, මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814.678යි දශම 4යි 3ක් බව යි.
එම ප්‍රමාණය මෙරට මහ කන්නයක දී වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට සියයක ප්‍රතිශතයකි.
කුඹුරු වගා කටයුතු ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කරන්නේ, ඔක්තෝම්බර් තුන්වන සතියේ සිට යි.