කෝප් කමිටුව සතු බලතල ගැන නව සභාපතිගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවේ සභාපතිවරයාව සිටි සමයේ දී අනාවරණ කළ දූෂණ වංචා සිද්ධීන් පිළිබඳව ඉදිරියේ දී කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරන බව කෝප් කමිටුවේ නව සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, මහනුවර – උඩුනුවර ඊයේ (11) පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, කෝප් කමිටුව සතු බලතල තවදුරටත් පුළුල් කෙරෙන බව යි එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසන්නේ.
ඉදිරියේ දී සම්මත කෙරෙන නෛතික රාමුවක් මඟින් කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිවරයා සහ අදාළ පාර්ශව වෙත දැනුම්වත් කිරීමේ හැකියාවක් ලැබෙන බව ද ඔහු පවසනවා.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා