එරික් සෝල්හයිම්ට ජනපතිගෙන් උපදේශක තනතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා.
එමෙන්ම, මාලදිවයිනේ හිටපු කතානායක මොහොමඩ් නෂීඩ් ද ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සම්බන්ධ උපදේශකවරයා ලෙස පත් කර ඇති බවයි එරික් සෝල්හයිම් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ.
පෙරේදා (10) දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත වුණා.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන එරික් සෝල්හයිම් එල්.ටී.ටී.ඊ. යුද සමයේදි 2002 වසරේ පැවති සාම සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකු ලෙසද කටයුතු කළා