ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර් ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර් ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
මෙරට ඒකපුද්ගල ආදායම දිනෙන් දින අඩු වීම හේතුවෙන් ලෝක සංවිධාන ආධාර ලබා දීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙලෙස වර්ගීකරණය පහත දැමීමට තීරණය කළ බව යි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
මේ අතර, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා ජාතික “ජන සභා” ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා.