රූපවාහිනියට සහ දුරකතනයට ඇබ්බැහි වීම් වැළැක්වීමට ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනක ම කාලයක් ලබා දී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදු වන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව යි.
මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් ගම්මානය තුළ මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලු ම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළ යුතු අතර, එය නැවත රාත්‍රී 08යි 30ට ක්‍රියාත්මක කළ හැකි බව යි වාර්තා වන්නේ.