දුරකථන ගාස්තු ඉහළ දැමීම ගැන නියාමන කොමිසම නීති උපදෙස් පතයි

දුරකථන සමාගම් විසින් පසුගියදා යලිත් වරක් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතීමට තීරණය කර තිබෙනවා.

ඒ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සිදු කර ඇති කරුණු දැක්වීමකට අනුව යි.

ගාස්තු ඉහළ නැංවීම සඳහා දුරකථන සමාගම්වලට අවසර ලබා දී නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය දා ප්‍රකාශ කළා.

සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම හේතුවෙන් පසුගිය 5 වනදා සිට දුරකථන සමාගම් සිය සේවා ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *