ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග ඇරඹේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පුහුණු තරග අදින් ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය අද (10) මෙල්බර්න් හිදි පැවැත්වෙනවා.

නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර පුහුණු තරගය ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා
.

ශ්‍රී ලංකාව සහ සිම්බාම්බේ කණ්ඩායම් අතර පුහුණු තරගය හෙට (11) මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

අයර්ලන්ත සහ නැමීබීයා කණ්ඩායම් අතර පුහුණු තරගය ද හෙට පැවැත්වීමට නියමිතයි.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ලබන 16 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *