භූමිතෙල් සීමා කිරීම ගැන ධීවර සංගම්වල විරෝධය

ධීවරයින්ට ලබා දෙන භූමිතෙල් ප්‍රමාණය සීමා කිරීමට ගෙන ඇති තීරණයෙන් තවදුරටත් එම කර්මාන්තය කඩාවැටෙනු ඇති බව පුත්තලම ඒකාබද්ධ ධීවර සමිතිය පවසනවා.

එහි වැඩබලන සභාපති සුජිත් රොෂාන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේ, මෙය මත්ස්‍ය අස්වැන්න බහුල කාලයක් බැවින් තමන්ට ප්‍රමාණවත් පරිදි භූමිතෙල් ලබාදෙන ලෙස යි.

සතියකට ප්‍රමාණවත් වන පරිදි භූමිතෙල් මීට පෙර එකවර ලබාදුන්න ද ඉදිරියේ දී දින 03ත් 04ත් අතර කාලයක් සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න කහවත්ත ඊයේ (09) ප්‍රකාශ කළා.

භූමිතෙල් සැපයීමේ දී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් මෙලෙස සීමා කර ලබාදීමට තීරණය කර ඇති බව යි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් එක්දින ධීවර යාත්‍රා සඳහා මෙතෙක් ලබාදුන් පරිදිම දිනපතා භූමිතෙල් ලබාදීම සිදු කෙරෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *