බැංකු සහ කොටස් වෙළෙඳපොළ පමණක් අද වැසෙයි

holiday

සියලු රාජ්‍ය ආයතනවල කටයුතු අද (10) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මයාදුන්නේ මහතා පවසනවා.

පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ද සාමාන්‍ය පරිදි සිදුකෙරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

අද දිනයේ දී බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා පමණක් නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ.

ඊයේ (09) දිනට යෙදී තිබු පොහොය නිවාඩුව හේතුවෙන් බැංකු සඳහා මෙලෙස නිවාඩුව ප්‍රකාශයට පත් කරන බව මහ බැංකුව සඳහන් කළේ.

කෙසේවෙතත් අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *