එරික් සෝල්හයිම් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන එරික් සෝල්හයිම් අද (10) දිවයිනට පැමිණෙනවා.
ඉන්දියානු ගුවන් සේවයට අයත් ඒ.අයි. 271 දරණ යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවීමට නියමිත බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
අද දිවයිනට පැමිණෙන එරික් සෝල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නෝවේජියානු ජාතිකයෙකු වන ඔහු එල්.ටී.ටී.ඊ. යුද සමයේදි 2002 වසරේ පැවති සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙස ද කටයුතු කළා.