සෙමෙන් නමුත් ස්ථාවර ගමනක් යමින් සිටින බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු අවදානම ගැනීමට අකමැති වූ අවස්ථාවක තමන් මෙම දේශපාලන ගමන ආරම්භ කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, අද (06) පාර්ලිමේන්තුව අමතමින්.
එම අවදානම් සහගත මාවත සෙමෙන් සෙමෙන් නමුත් ස්ථාවර ව සකස් කරගෙන යමින් සිටින බවත් ජනපතිවරයා අවධාරණය කරනවා.
යහපත් ජීවිතයක්, රටක් සහ අනාගතයක් අපේක්ෂාවෙන් රටේ බහුතරයක් මේ ගමනට සහාය දක්වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දී අවධාරණය කළා.
මේ අතර, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය පවත්වාගෙන යාමට නම්, රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 18%ක පවත්වා ගත යුතු බවත් ජනාධිපතිවරයා පවසනවා.
මුදල් මුද්‍රණය කළ හොත් යම් අවදානමක් ඇති වන නිසා රජය බදුවලින් ආදායම් ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.