ශ්‍රී ලංකාව අද ලෝක ගුරු දිනය සමරයි

teachers day

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ලොව ශ්‍රේෂ්ඨම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නා බවත් ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන බවත් එහි දැක්වෙනවා.

ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද ගුරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම ඉටු කරන අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත බඳු ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය පුද කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *