ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවේ සම සභාපතිත්වය ජපානයට – ජනපති

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ජපානය ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සිය කැමැත්ත ප්‍රකාශ කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, අද(06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.
එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවේ සම සභාපතිත්වය දැරීමට ද ජපානය සිය කැමැත්ත ලබා දුන් බවයි එසේ ම පසුගිය මාස කිහිපය තුළ ජපානය සමඟ ඇති බැඳීම් ශක්තිමත් කර ගැනීමට අපි දැඩි උත්සාහයක යෙදෙන බව ද ජනාධිපතිවරයා තම විශේෂ ප්‍රකාශය ඔස්සේ පාර්ලිමේන්තුවට අවධාරණය කළා.
මේ අතර, චීනය අතීතයේ සිට ම අපට සහාය දක්වන අතර මේ තීරණාත්මක අවස්ථාවේදීත් ඔවුන් එසේ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් ද ජනපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිය විශේෂ ප්‍රකාශය කරමින් කියා සිටියා.